31 භූමි තලයකින් යුත් එක් සක්වලක් තුල මනුෂ්‍ය භූමිය අපගේ වාසස්ථානයයි.
භෞතික හෙවත් ඇසට පෙනෙන නොපෙනෙන ලෝක වලින්, ලෝක විනාශයකදී රික්තය බවට පත්වන
තෙක් මේ 31 තලයම විනාශ නොවේ. ප්‍රථම ධ්‍යානයට අදාල ඉහලම බ්‍රහ්ම ලෝකය වන
මහාබ්‍රහ්ම ලොව දක්වා භූමි තල පමණක් (
නිරූපණයේ අංක 14 දක්වා
පමණි, එනම් භූමි තල 14ක් පමණි) කිසිවක් ඉතිරි නොවන සේ වැනසී යයි. එය
සිදුවන්නේ සතර මහා භූතයන් එකිනෙක හා ඇති සම්බන්ධය අත් හැරීමත් සමඟය (
ගින්න, ජලය, සුළඟ සියල්ල යනු මෙය සිදුවන භූත ප්‍රකෝපයන්ගේ වෙනස් ආකාරයන්ය )
. විනාශ වීම එක් සක්වලකට පමණක් සීමා වන්නේද නැත. එකිනෙකට යාව පිහිටි කෝටි
ලක්ෂයක් සක්වලම ( එනම් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව ) ඉහත කියන මායිම තෙක්
සියළු භූමි තල (එනම් භූමි තල 14X1000,000,000 = 14X10^9) එකම ආකාරයකට
විනාශයට පත්වේ ( කොපමණ කාලයක් තිස්සේද යන්න දේශනාවේ සඳහන් වේ ).
සැ:යු:
- සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000 = සක්වල 10^3 – බුද්ධ ශ්‍රාවක ආඥා පැතිරිය හැකි ක්ෂේත්‍රය
- ද්වී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000 = සක්වල 10^6 – බුද්ධ උප්පතිආදියෙහි මංගල ලකුණු පහල වන ජාති ක්ෂේත්‍රය
- ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000X1000 = සක්වල 10^9 – බුදුන් ගේ ආඥාව බලපවත්වන ආඥා ක්ෂේත්‍රය
- අනන්ත ලෝක ධාතුව – බුදුන් වහන්සේගේ දැනීමට ඇතුලත් වන විෂය ක්ෂේත්‍රය
(විස්තර සූවිසි මහා ගුණය - පරම පූජණීය රේරුකානේ මාහිමි සම්පාදිත පොතේ ලෝකවිදූ ගුණය පැහැදිළි කිරීම ඇසුරිනි )
මෙසේ ඇතිවන හිස් අවකාශය කල්පයක් (
අන්තඃ කල්ප 20ක්)
තිස්සේ පවතී. ඉන්පසු විනාශ නොවූ බඹ තල වල අනන්ත ලෙස සිටිනා චුත වීමට
නියමිත ආනුභාව සම්පන්න බ්‍රහ්මයන්ගේ ලෝභ සිත්වල බලය ඔවුන්ගේ සිතේ ඇති ලෙස
අභිනව භූමි තල උපදවන ආකාරය මෙම ධර්ම දේශනය අපූරුවට විස්තර කරදෙයි. චුත
වීමට ආසන්න, අපි මෙන්ම අනන්ත සසරේ සිරවී ඇති අසරණ බ්‍රහ්මයෝ පිරිසක් හැර.
මෙය කල හැකි වෙනත් සර්වබලධාරියෙක් නැත. මායා වරුන්ට කිව හැකි ලෝක විනාශයක්ද
නැත.
No comments:
Post a Comment